ඓතිහාසික යුගයේ
සඳකඩ පහන බෞද්ධ
ගොඩනැඟිලිවල ස්ථිර
අංගයකි.මෙය බොහෝ
බෞද්ධ සංස්ථාපිත ගොඩනැගිලිවල
පියගැට පෙළක අඩි
පාමුල තිබුණු අර්ධ
කවාකාර ගල් කැටයමකි.
සඳකඩ පහන සාමාන්යයෙන් අර්ධ කවාකාර වුවද, සමහරවිට
එය චතුරස්රාකාර
හැඩයන් ද දැකිය
හැක. සඳකඩ පහන
හිස් චතුරස්රය
ලෙස නිර්මාණය වී
පසුව අර්ධ කවාකාර
හැඩයක් බවට වර්ධනය
විය.
අනුරාධපුර යුගය..
සඳකඩපහනේ
නිර්මාණය
කාලයත් සමග බොහෝ වෙනස්කම්
සිදු වී ඇත, නමුත් සඳකඩ පහන
අනුරාධපුර
යුගයේ ඉහළම නිර්මාණශීලී
මට්ටම පෙන්වයි. එමෙන්ම පුරාණ අනුරාධපුර රාජධානියෙහි දෙවන අදියරේදී පළමු සඳකඩ
පහන නිර්මාණය
විය.
අර්ධ කවාකාර ගල් පුවරු කැටයම් සෑම සඳකඩ පහනෙහි ම සමාන විය. අර්ධ නෙළුමක් මැදි වන්නට තීරු කිහිපයක් දැකිය හැක. අර්ධ නෙළුමමෙ සිට පලවන තීරය හන්ස පෙරහැරකි.දෙවැන්න සංකීර්ණ ශාක පත්රයන් ගෙන් යුත් ලියවැලකි. තුන්වන පටිය සත්වයන් සතර දෙනෙකුගේ කැටයම් තිබේ එනම් අලි, සිංහයන්, අශ්වයන් සහ ගොනුන්. මෙම සත්වයන් හතරදෙනා ජීවිතයේ එක් එක් අදියර
වන වර්ධනය, ශක්තිය, බලය සහ ඉවසීම
සංකේතවත් කරයි. සතරවන හා පිටත කොටසෙහි ගිනි ජාලාවක් සහිතව නිර්මාණය කර ඇති අතර සාමාන්යයෙන් ගින්නෙන් පූජාසනය නියෝජනය කරයි.
පොළොන්නරු යුගය..
පොළොන්නරු යුගයේ
සඳකඩ පහනේ සැලැස්ම
අනුරාධපුර යුගයේ
සිට බොහෝ දුරට
වෙනස් වේ. සත්ව
සතරේ නිරූපණය කිරීමට
භාවිතා කරන තනි
කණ්ඩය ඉවත් කරන
ලදී, අලි, සිංහයා
සහ අශ්වයින්ගේ පෙරහැර
වෙන් වෙන් පටිවලින්
නිරූපණය විය.
වඩාත් කැපී පෙනෙන
වෙනසක් වන්නේ සඳකඩ
පහනෙන් ගොනා ඉවත්
කිරීමය්.එනම් හින්ඳු ආගමෙ බලපැම මනාව පෙන්නුම් කරය්.මන්දයත් ගවයා ඔවුන්ගේ පූජනීය සතෙකු නිසවෙනි.
මහනුවර සහ ගම්පොල යුගයන්..
ගම්පොළ සහ මහනුවර රාජධානි
අවධිය වන විට, සඳකඩ පහනේ සැලැස්ම
දරුනු ලෙස වෙනස් වී ඇත. සංකේඳ්රික තීරු තවදුරටත්
එහි නොතිබූ අතර, අර්ධ චක්ර සහිත ගල් පුවරුවක
හැඩය ත්රිකෝණාකාර
විය.තවද අර්දධ
නෙළුමක්
මැදි වු ලියවැල්
රටාවකින්
වට වී ඇත.
Comments
Post a Comment