ශ්‍රී ලංකාවේ දෙවන ආණ්ඩුකාරයා වන ශ්‍රීමත් තෝමස් මෙට්ලන්ඩ්, ගල්කිස්ස හි ඉඩම් අල්ලාගෙන,1806 දී එහි පෞද්ගලික වාසස්ථානයක් ඉදිකරන ලදි.මෙයිට්ලන්ඩ් ලොවීනා නම් අහිකුන්ටික නර්තන ශිල්පියෙකු සමඟ ආදරයෙන් බැඳුණු අතර 1811 දී නැවත එංගලන්තයට ආපසු කැඳවන තුරු ඇය සමග ආදර සබඳතාවක් පවත්වා ගෙන ගියේය.මෙයිට්ලන්ඩ් ආපසු යන විට ලොවීනා සිහිවීමට ඇයගේ නමින් ලැවීනියා ලෙස මන්දිරය නම් කරන ලදි.ආණ්ඩුකාරයාගේ මන්දිරය දැන් ගල්කිස්ස හෝටලය වන අතර එම ගොඩනැගිල්ල වටා ඇති ගම්මානය පසුව Mount-Lavinia ලෙස හදුන්වනයි.
මෙය වැඩි දෙනෙක් අහලා තිබෙන කතාවක් වුවත් එහි බොහෝ දෙනෙක් නොදන්නා කාරණාත් තිබෙනවා.කවුද මෙ ලොවීනා? ඇත්තෙන්ම ලොවීනාගේ පරම්පරව නරේඳ්‍රසිංහ රජුගේ අන්තප්පුරයේ සිට පැවත එන්නකී.
පුන්නිගේ අන්තප්පුර ආගමනය
නරේඳ්‍රසිංහ රජු සමයේ ගැමි පවුලක එකම දරුවා වන පුන්නි සම වයසේ අනිත් ළමුන්ගෙන් වෙනස් ගති ලක්‍ෂණ පෙන්නුම් කරන ලදි.අනිත් ළමුන් පරයා ජව සම්පන්න හා රු සපුවකින් යුක්ත වූ පුන්නි නරේඳ්‍රසිංහ රජුගේ නෙත ගැටෙනුයේ රජු දිය කෙලියට යන අතරමගදීය.දුටු සැනින් සිත ගිය රජු පුන්නිව බලෙන්ම අන්තප්පුරයට රැගෙන යයි.නරේඳ්‍රසිංහ රජු සමයේ මෙය සාමන්‍ය සිදුවීමකි.
පුන්නි,ප්‍රමිලා සහ දස්කොන්
රජ වාසල ප්‍රසිද්ධ රහසක් බවට පත් වූ ප්‍රමිලා බිසවගේත් දස්කොන් අදිකාරම්ගේත් ප්‍රේමය ආරම්භ වන්නේ දස්කොන්, මහාදිකාරම් ධූරයට පත් වීමෙන් පසුව බවයි සඳහන් වෙන්නේ.දස්කොන් හා පුන්නි මිත්‍ර වනුයේ කුඩා කල පන්සලේ අකුරු කිරීමෙදීය.එමෙන්ම කුඩා කල සිටම දස්කොන් කෙරෙහි ආදර සිතක් ද පහල වී තිබුනී.
පුන්නිගේ අන්තප්පුර නික්ම යෑම
මේ අතරතුරදී ප්‍රමිලා බිසවට අභිරහස් රෝගයක් වැළඳුණු අතර එයින් සුව වීමට
තොවිලයක් කළ යුතු බවට තීරණය වුණා. මේ සඳහා ඇගේ රුවට සමාන ජීවමාන ප්‍රමාණයේ
බලි රූපයක් අවශ්‍ය වන බව පැවසුණු නිසා දස්කොන් හට මූර්ති ශිල්පියෙකු ලවා
දේවියගේ රුවට සමාන මැටි අනුරුවක් සෑදීමට රජු ගෙන් අන ලැබුනා.මෙම අනුරුවේ ප්‍රමිලා බිසවගේ කලවා පෙදෙසේ උපන් ලපයක් අැදීමට කුමන්ත්‍රණ කරුවෙකු සමත් විය.මෙය දැක උරන උ රජු දස්කොන්ගෙන් හේතු විමසන විට දස්කොන් හා ප්‍රමිලා බිසවගේ රහස් සම්බන්ධය එලි විනි.එහෙත් මෙහි මැද්දට එන පුන්නි පවසන්නේ එවෙනි සම්බන්ධයක් අැත්තේ ප්‍රමිලා බිසව සමග නොව තමන් සමග බවයි.එයින් උරන වන රජු අැයව නිරුවත් කොට අහිකුන්ටික ගමකට පිටුවහල් කරන අතර දස්කොන් සිරගත කරයි.මෙම සිදුවීම දස්කොන් සමඟ සතුරුකමින් සිටි ලෙව්කේ රාළ විසින් කරවන ලද
කුමන්ත්‍රණයක් බවට මතයක්ද පවතිනවා. සිරගතව සිටි දස්කොන් තම නිවැරදිභාවය
විස්තර කෙරුණ “නෝක්කාඩු මාලය” නම් කවි සංග්‍රහය නව මහාදිකාරම් වූ ලෙව්කේ
රාළ අතේ රජුට යවා තිබුණත් දස්කොන් සමඟ තිබූ තරහව නිසා ලෙව්කේ රාළ එය රජු
අතට පත් වීම ප්‍රමාද කර තිබෙනවා. දස්කොන් තම නිවැරදි භාවය සනාථ කිරීම සඳහා
කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා රජු ඔහුව බෝගම්බර දංගෙඩිය මතදී හිස
ගසා මරා දමන්නට තීරණය කරනවා.
පුන්නිගේ අහිකුන්ටික ජීවිතය
පිටුවහල් කරන පුන්නි රාජපුරුෂයන් විසින් මහලු අහිකුන්ටික පුරුෂයෙකුට පවා දෙනවා.ඒ වන විටත් ඇයට දරුවකු පිලිසිඳ ඇති බව දන්නේ ඇය පමනයි.එම දරුවා දස්කොන්ගේ බවටද විශ්වාස කෙරේ.මෙසේ මහල්ලා සමග දිවි ගෙවන පුන්නී පිරිමි දරුවකු බිහිකරයි.එම දරුවාගේ දියනිය එසේත් නැතිනම් පුන්නිගේ මිනිපිරිය,අපේ කථා නායිකාව වන ලෝවීනා ලස්සන රුසපුවකට හිමිකම් කියන අතර නර්තනයට දක්‍ෂයෙකි..ඇය රොඩි ගුබ්බෑයමට ආගිය පෘතුගීසි පුරුෂයකුට දාව උපත ලැබූ ලෙසට ද විශ්වාස කෙරේ.
www.mountlaviniahotel.com
මෙට්ලන්ඩ් හා ලෝවීනා
තෝමස් මෙට්ලන්ඩ් ආන්ඩුකාරයන්ගේ ඉලීමකට ආන්ඩුකාර මන්දිරයේ නර්තනයට යන ලෝවීනා දුටු මෙට්ලන්ඩ් අැය කෙරෙහි අදරයක් හට ගනී.මේ අදරයේ ප්‍රතිපලයක් ලෙස ලෝවීනා නිතරම ආන්ඩුකාර මන්දිරයට ගෙන්වා ගැනීමට මෙට්ලන්ඩ් කටයුතු කරයි.මෙම අසම්මත පෙම එතා ඉක්මනින් එහල පැලැන්තියේ විවෙචනයට ලක්වේ.මෙම නිසා මෙට්ලන්ඩ් රොඩි කුප්පෑයමමේ සිට මඳිරයට උමගක් සාදයි.එහෙත් මෙයද වැඩි කලක් සගවන්නට මෙට්ලන්ඩ්ට හැකිවන්නෙ නැහැ.මෙවර මෙය එංගලන්තයේ රෑජිනට සැලවීම නිසා මෙට්ලන්ඩ් නැවත එංගලන්තයට කැදවයි.නැවත ඔහු යන විට ලෝවීනා සිහිවීමට ආන්ඩුකාර මඳිරය ලැවීනීයා ලෙස නම් කරන ලෙසට ඉල්ලීමක් කරන ලදි.ලැවීනීයා පසු කලෙක Mount-Lavinia විය.
www.mountlaviniahotel.com
මෙට්ලන්ඩ් හා ලෝවීනා
තෝමස් මෙට්ලන්ඩ් ආන්ඩුකාරයන්ගේ ඉලීමකට ආන්ඩුකාර මන්දිරයේ නර්තනයට යන ලෝවීනා දුටු මෙට්ලන්ඩ් අැය කෙරෙහි අදරයක් හට ගනී.මේ අදරයේ ප්‍රතිපලයක් ලෙස ලෝවීනා නිතරම ආන්ඩුකාර මන්දිරයට ගෙන්වා ගැනීමට මෙට්ලන්ඩ් කටයුතු කරයි.මෙම අසම්මත පෙම එතා ඉක්මනින් එහල පැලැන්තියේ විවෙචනයට ලක්වේ.මෙම නිසා මෙට්ලන්ඩ් රොඩි කුප්පෑයමමේ සිට මඳිරයට උමගක් සාදයි.එහෙත් මෙයද වැඩි කලක් සගවන්නට මෙට්ලන්ඩ්ට හැකිවන්නෙ නැහැ.මෙවර මෙය එංගලන්තයේ රෑජිනට සැලවීම නිසා මෙට්ලන්ඩ් නැවත එංගලන්තයට කැදවයි.නැවත ඔහු යන විට ලෝවීනා සිහිවීමට ආන්ඩුකාර මඳිරය ලැවීනීයා ලෙස නම් කරන ලෙසට ඉල්ලීමක් කරන ලදි.ලැවීනීයා පසු කලෙක Mount-Lavinia විය.
වයින් ගබඩාව (bandi42.wordpress.com)
උමං මාර්ගයේ ඇතුල්වීම (bandi42.wordpress.com)
කවරයේ පින්තුරය: www.mountlaviniahotel.com
මුලාශ්‍ර:
1.ලොවීනා - මොහාන් රාජ් මඩවල
2.www.wikipedia.org
Comments
Post a Comment