අප
තරුණ කල සිටම ලංකා ඉතිහාසය සැරසූ දේශපාලනඥයන් දෙතුන් දෙනකු පිළිබඳ මතකය
අපේ සිත්වල පැළපදියම් වන්නට විය. ඉන් එක් සුවිශේෂී චරිතයක් වන්නේ දිවංගත
අග්‍රාමාත්‍යවරයකු වන ඩඩ්ලි සේනානායකයන් ය.
වර්ෂ 1911 ජූනි 19 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස්. සේනානායක මහතාට හා මෞලි දුනුවිල සේනානායක මහත්මියට දාව මීරිගම බෝතලේ වළව්වේ දී උපත ලද ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මෙරට සිවු වතාවක් අගමැති ධූරයට පත් විය. එතුමා අභාවප්‍රාප්ත වූයේ 1973 අප්‍රේල් 13 වැනිදා ය.
ඩඩ්ලි සේනානායකයන් පිළිබඳ දැන ගන්නට උනන්දු වන ඔබට පුදුමයක් මෙන් ම මහත් සතුටක් ඇති වන්නට කාරණාවක් තිබේ.
ඒ එතුමා ඉතා ළෙන්ගතුව ඇසුරු කළ භික්ෂූන් වහන්සේනමක් පිළිබඳ තොරතුරකි. උන්වහන්සේ නම් සංඝනායක මිටියාගොඩ ගුණරතන ස්වාමීන් වහන්සේ ය. දැන් වියපත්ව වෙසෙන උන්වහන්සේගේ මතකය තවමත් ශක්තිමත් ය. හඬ ප්‍රබල ය, සිතුවිලි අදීනය. අව්‍යාජය.
කොටස් 27 කට බෙදී වෙන්ව තිබුණු අමරපුර නිකාය එක් කරන්නට මූලික වූයේ ඩඩ්ලි සේනානායකයන් ය. ඒ මීටියාගොඩ ගුණරතන හිමිගේ ඉල්ලීම පෙරදැරිව ය.
“පැය 03 ක් මේ ගැන මා එක්ක කතා කළා. මං කිව්ව නිවනට යනවට වඩා ලොකුයි හාමු මේ පින්කම කරන එක කියල. අපි කවුරුත් එතුමට කියන්නෙ හාමු කියලනෙ. ඔය බොරැල්ල වුඩ්ලන්ඩ් එකේ ඒ ගොල්ලන්ගෙ පාරම්පරික වළව්වේදී කතා කළේ. අන්තිමේ ඒ පින්කම සිද්ධ කළා. ආනන්ද මෛත්‍රේය මහ නායක හිමියන්ව අමරපුර නිකායෙ අධිපති බවට පත් කළා...”
“මැස්ඩ කාර් එකක් තිබුණ. ජගුවර් කාර් එකක් තිබුණ. ඒක තනියම එළවගෙන යනව. අන්තිමේ තාත්තගෙ ඒ කියන්නෙ ඩී.එස්. සේනානායක මහත්තයගෙ ‘ඩෙත් ඩියුටි’ එක මරණ බද්ද ගෙවා ගන්න විදියක් නැතිව එක කාර් එකක් වික්ක. ඒ කාලෙ තිබුණ මරණ බද්ද කියල එකක්. ඩඩ්ලි මහත්තය මැරෙන කොට සන්තකේට තිබුණෙ රුපියල් හාරසිය ගාණයි...”
එක් පැත්තකින් අද මහා වසංගතයක් බවට පත්ව ඇති රූප පෙට්ටිය හෙවත් රූපවාහිනිය ගැන අප දැන ගන්නේ 1980 පමණ සිට ය. ඒ ජපානයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතාට ලැබුණු තිළිණයක් ලෙසිනි. එහෙත් මෙහි ඔබ නොදන්නා සැඟවුණු කාරණාවක් තිබේ. එය ඩඩ්ලිගේ පාලන කාලයට දිව යයි.
“ඒ කාලෙ බටහිර ජර්මනියෙන් ලොකු තෑග්ගක් දෙන්න කතා කළා. මේක කවුරුවත් දන්නෙ නැහැ. ටෙලිවිෂන් තාක්ෂණය දෙන්න. මෙයා ගත්තෙ නැහැ. ළමයි නරක් වෙනව කියල. හැබැයි ජේ.ආර්. ට ජපානයෙන් දුන්න. ජේ.ආර්. ගත්ත... මීටියාගොඩ හිමියෝ කිසිවකුත් නොදන්නා අතීතය සිහි කරමින් කියති.
‘බත් දුන් පියා’ යනුවෙන් ඩඩ්ලි සේනානායකයන් වෙනුවෙන් ඓතිහාසික විරුදාවලියක් වෙන් විය.
“මං එක දවසක් රෑ උන්නැහැව හම්බවෙන්න ගියා. රෑ නවයයි. ඒ දවස්වල මිනිස්සුන්ට ටිකක් ජීවන අමාරුකම්. පිජාමා සූට් එක එහෙම ඇඳගෙන ඇවිත් මා එක්ක කතාවට වැටුණ. කිසිම කෙනෙක් නෑ. සේවකය කරෝලිස් විතරයි. කරෝලිස් තමයි එයාගෙ හැම දෙයක්ම බැලුවෙ. අපි දෙන්න කතා කරල මං එන්න ලෑස්ති වුණා. හාමු මං යන්නම් කියල. මාත් නැගිට්ට, එයත් නැගිට්ට. මං කිව්ව දැන් මහජනයාට වුවමනා කරන්නෙ සලාකෙ ටිකක් වැඩි කරන්න කියල.
හාල් සේරු දෙක කැපුවයි කිව්වනෙ. විරුද්ධ පක්ෂෙ හරියට සතුටු වුණා පහර ගහන්න බලාගෙන. පහුවදාම කැබිනට් රැස්වීමේදී කිව්ව හාල් සේරුවක් නොමිලේ දෙනව කියල. අර ඔක්කොම අඩු කළා. ඒ කාලෙ සිමෙන්ති කොට්ටයක් රුපියල් 09 යි. යකඩ හොණ්ඩරය රුපියල් 90 යි...”
දේශපාලනය නමැති කලාව තුළ ඩඩ්ලි සේනානායකයන්ගේ විශිෂ්ට ගුණාංගය වූයේ ‘හැර යෑමට’ සූදානම් බවයි. ඔහු කිසි විටෙකත් බලය අයුතු ලෙස යෙදවීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි තීරණ ගැනීමට පෙළඹුණු නායකයකු නොවේ. රටට ඇති ආදරය, දේශපාලන ප්‍රතිවාදීන් ඇතුළු මිනිසුන්ට ගරු කිරීම, සරල බව, සත්‍යවාදී බව, නීතියේ අාධිපත්‍යයෙහි වටිනාකම ඔහුගේ චරිතය මූර්තිමත් කළ ලක්ෂණ විය.
ඔහු දේශපාලන තනතුරක් නොදැරූ කාලයක සිදුවූ අප අසා ඇති එක්තරා අපූරු සිදුවීමක් මෙහිදී සිහිපත් වෙයි. වරෙක ඔහුට හිතවත් යුවළකගේ විවාහයක් ලියාපදිංචි කිරීමේ සාක්ෂිකරුවකු වශයෙන් අත්සන් කරන්නට ඇරියුම් ලැබිණි. එහිදී විවාහ ලේකම්වරයා සිය රාජකාරිය සඳහා ‘ඔබේ රැකියාව මොකක්දැ’යි ඩඩ්ලිගෙන් ඇසුවේ ය. සත්‍ය ලෙසින් ම අල්පමාත්‍ර තැතිගැන්මකින් තොරව ඔහු කීවේ ‘මම රැකියාවක් කරන්නෙ නැහැ” යනුවෙනි. ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා ව්‍යාජ සටන්වල යෙදෙන අද වැනි දේශපාලන ලෝකයක ඩඩ්ලි සේනානායකයන් තුළ තිබුණු පුදුමාකාර නිහතමානී බව මෙයින් මොනවට ප්‍රකට වෙයි.
බෞද්ධකමට හා භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඩඩ්ලි තුළ වූයේ නොමද ගෞරවයකි. මේ රටේ බෞද්ධ ඉතිහාසය මකා දමන්නට කිසි දිනෙක කිසි විටෙක ඉදිරිපත් නොවූ නායකයකු වශයෙන් එතුමා කෙරෙහි අප තුළ ඇත්තේ අපමණ ගෞරවයකි. නිර්මල බෞද්ධයකු වශයෙන් රාජ්‍යකරණයේ දී තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් මැනැවින් වටහා ගත් නායකයකු ලෙස ඩඩ්ලි සේනානායකයන්ගේ කැපවීම මූර්තිමත් වන්නේ සතර පෝය නිවාඩුව ජනතාවට දිනා දීම උදෙසා ඔහු කළ මෙහෙයයි. මීටියාගොඩ ගුණරතන හිමියන්ගේ මෙවන් මතක ඉතිහාසයට ඉතා වැදගත් වෙයි.
“ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පත්තරයේ මුල් පිටුවෙ ගියා එතුමාගෙ ආදාහනය ගැන. ඒ කාලෙ 40 ලක්ෂයක් සහභාගි වුණා කියල. කිසිම ජන නායකයකුට ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඒ වගේ ජනකායක් ඇවිත් නැහැ. ඔය පරණ පාර්ලිමේන්තුව ළඟ ඉඳල ටොරින්ටන් චතුරස්‍රයට එන්න පැය 3 – 4 ක් ගත වුණා.
“අවමංගල්‍ය උත්සවයට භික්ෂුන් වහන්සේලා 18000 ක් ආව. සම්ප්‍රදායක් තිබුණ මල්වතු අස්ගිරි මහා නායකවරු මරණවලට වඩින්නෙ නැති. ඒ සම්ප්‍රදාය කඩල ඒ දෙනමත් වැඩිය.
“දැන් මේ දෙන්න වඩිනව. එතකොට මමයි තලේවෙල විජිත ධම්මරක්ඛිත කැලණියේ නායක හාමුදුරුවොයි අපි දෙන්න වුඩ්ලන්ඩ් මන්දිරය පැත්තට යනව. අපි පස්සෙන් ගියා.”
“ඉතිහාසයේ පළමු වැනි වතාවට මහා නායක හිමිවරුන්ට කොළඹ චාරිකාරාමයක් පිහිටෙව්වෙ ඩඩ්ලි සේනානායක මහත්තය. ඔය විජේරාම මාවතේ දැනුත් තියෙනව. මං එතුමට කිව්ව කොළඹට ආවාම මහා නායක හිමිවරුන්ට වැඩ ඉන්න සුදුසු තැනක් අවශ්‍යයි කියල. එතකොට ඒ තීරණය ගත්ත. ඒ විතරක් නොවෙයි. මල්වතු විහාරයට නිල නිවාසයක් වෙන් කළේ එතුමාගේ මැදිහත්වීමෙන්. ඒ සඳහා තෝරා ගත්තෙ එවකට තිබුණු මහනුවර නඩුකාර බංගලාව. මේ රටේ බෞද්ධ ඉතිහාසයක් තියෙනව. කවදාවත් ඒක මැකුවෙ නැහැ...”
ඩඩ්ලි සේනානායකයන් සෙවනේ කලක් රාජකාරි කළ මෙරට කෘතහස්ත රාජ්‍ය නිලධාරියකු මෙන් ම විශිෂ්ට අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන බ්‍රැඩ්මන් වීරකෝන් ඩඩ්ලිගේ මරණය පිළිබඳ තබා තිබූ සංවේදී සටහනකින් මෙම ලිපිය නිමා කරමි.
“1970 මැතිවරණයෙන් ලද පරාජයෙන් වසර 03 කට පසු 1973 අප්‍රේල් මාසයේ අවුරුදු සමයක ඔහුගේ වියෝව සිදු විය. ඔහු රටේ වැදගත් තනතුරක් නොදරන අවස්ථාවක වුව ශෝකප්‍රාප්ත ලක්ෂ සංඛ්‍යාත මහා ජනකායක් එක් තැනකට ආකර්ෂණය කොට කැඳවාගෙන ඒමට සමත් වූ ඒ අවමංගල උත්සවය ඔහුගේ විශ්ව ජනප්‍රියත්වයට විපුල සාක්ෂියකි. මම එවකට දඬුවම් ස්ථාන මාරුවක් ලැබ සේවය කළේ මඩකලපුවේ ය.
වසර 05 කට වැඩි කලක් මගේ සේවය ලබා දුන් එමෙන් ම මට නොමද ආදරය දැක්වූ, ප්‍රශංසා මුඛයෙන් කතා කළ ඒ උතුම් මිනිසාට ගෞරව දැක්වීමට මා කොළඹ බලා පැමිණියේ නිවාඩු ලබා ගෙන නමුත් මගේ ප්‍රධානීන්ටත් නොදන්වා ය. මඩකලපුවේ සිට මා ඒ ගමන් කළ රාත්‍රියේ මාවත දෙපස පිහිටි සෑම නිවෙසකම, දුගී පැල්පතකම ඉදිරිපිට ඔහුගේ නාමයට මැටි පහනක් දල්වා තිබෙනු දුටු අයුරු මට අද මෙන් මතකය...”

Comments
Post a Comment