ජීවිතය ජයගත් කන්තාරයේ කළු කෙල්ල



 Image result for waris dirie
සෑම දිනයක්ම මට මගෙ උපන් දිනයය්...


වාරිස් කියන්නෙ සෝමාලියානු අහිකුන්ඨික එඬේර පවුලක උපතලද දුප්පත් අසරණ දැරියක්. වයස අවුරුදු තුනේදී ඇය ලිංගඡේදයට ලක් වෙනව, කියන්නෙ ස්ත්රී ලිංගේන්ද්රිය සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරනව. වගේම උපත්මග සම්පූර්ණයෙන්ම වගේ මහල, වහල දානව. එය ගෝත්රික චාරිත් අනුව කල යුතුම වූ දෙයකි. එසේ නොකරන ලද ගැහැනු අය ගණිකාවන් සේ සලකල, සමාජයෙන් නෙරපනු ලබනව.

පසුව ඇය වයස අවු:13 දි ඔටුවන් පස් දෙනෙක් වෙනුවෙන්  විකිනෙනුයේ 61 වියැති පුද්ගලයෙකුගේ හතරවෙනි බිරිඳ ලෙසය්. මේ නිසා ගෙදරින් පැනයන ඇය දින 9 ක් තනිව කාන්තාරය හරහා තමුන්ගෙ අත්තම්මා සොයා ගෙන අතිශය දුෂ්කර ගමනක් යනව. එහිදී ඇයගේ අම්මාගේ සොයුරියක වන, ඇමරිකාවේ සෝමාලියානු තානාපති බිරිඳ, ඇයව ගෙදර වැඩකාර කමට ගෙන්වාගන්නව. එතැනින් පැන යන ඇය ඇමරිකාවේ ඉතා ජනප්රිය සහ අති-සුපිරි නිරූපිකාවක් බවට පත් වී අවසානයේ වයස අවුරුදු 38 වන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ස්ත්රී ලිංගඡේදයට විරුද්ධව කටයුතු කරන, තානාපති වරියක් බවටත් පත්වෙනව.

1997 දී නිව් යෝර්ක්හි හාපර් කොලින්ස් වාරිස්ගේ චරිතාපදානය වන Desert Flower පළ කර, ලොව පුරා පිටපත් මිලියන 11 ක් විකුණා  විශිෂ්ටතම විකුණුම්කරු බවට පත්විය. 2009 දී Desert Flower චිත්රපටය එළිදක්වන ලදී.Liya Kebede විසින් වාරිස්ගේ භූමිකාව රඟදක්වන ලදී. මෙම චිත්රපටය Djibouti, New York, Berlin හා London යන නගරවල ප්‍රදර්ශනය කරන ලදි. වාරිස් චිත්රපටයේ සම නිෂ්පාදකවරයෙක් වූ අතර Sherry Hormann විසින් අධ්යක්ෂණය කරන ලදී.

පසුව වාරිස් තවත් පොත් තුනක් ලිවීය, : Desert Dawn (2002), Desert Children (2005) and Letters To My Mother (2007).

Comments